වහලාගේ පාපොච්චාරණය

උන් අපිට ටයිකෝට් දුන්නා අපි ඒවා ඇන්දා
උන් අපිට ටීවී දුන්නා අපේ නංගිලා අම්මලා කාලෙ කකා ඒවා බැලූවා
උන් අපිට ෆෝන් දුන්නා
අපි පණ යනකම් එස්එම්එස් ගැහුවා, මිස් කෝල් ගැහුවා
උන් අපිට අලූත් කෑම ජාති පෙන්නුවා
අපි ඒවා සල්ලි ගෙව ගෙවා කනවා
උන් අපිට උගන්නලා අපෙන් වැඩ ගන්නවා
අපි උන්ට වැඩ කරලා කීයක් හරි හොයාගන්නවා
උන් අපිට අන්තිමට මුහුණුපොතකුත් දුන්නා
අපි ඒක ඇතුලෙ හැමදේම කරනවා
ඒකෙ නොකරන හැමදේම පස්සෙ ඒකෙ පෝස්ට් කරනවා

අපි අද කවුද?

උන් හැමදාම කවුද?

අපි ඒ ගැන හිතන්නවත් අකමැතියි නේද……………

හේතුව උන් අපිට කියනවා ජීවිතේ තියෙන්නෙ විඳවන්න නෙවෙයි
විඳින්නයි කියලා
අන්න ඒක නිසා සතුටින් ඉම්මු
ඇත්ත තමා උන් කියන්නෙ

ඒත් මේ සතුට උන් අපිට බලෙන් දීපු එකක්

එහෙම කවදාවත් හිතිලම නැද්ද….

මේක අපේ ඇත්තම සතුටද………………

 

ධම්මික හෙට්ටිආරච්චි

Author: kadawara

Leave a Reply

Your email address will not be published. Required fields are marked *